දශක පහකට අධික තම සංගීත චාරිකාවේදී සුවහසක් ශ්‍රාවක ජනතාව මධුර මනෝහර හඩ පෞරුෂයෙන් අමන්දානන්දයට පත් කල අපේ කාලයේ හෘදයාංගම ගායකයාණන් වූ විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ අමිශ්‍ර ස්වභාවික හඩ මාධුර්යය පිළිබඳ නොමැකෙන මතක සටහනක් සනිටුහන් කරමින් කුරුවිට ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය සාර්ථකව නිමාවිය.































