75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව හරිත ශ්‍රී ලංකාවක් දීප ව්‍යාප්ත වැඩසටහනේ කුරුවිට කොට්ඨාශයේ වැඩසටහන 2023.02.03 වන දින කටුතියඹරාව විහාරස්ථානයෙන් ආරම්භ වී කුරු ගඟ දෙපස දෙපස පැල සිටුවීම, නගරය පවිත්‍ර කිරීම හා ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක විය.












දශක පහකට අධික තම සංගීත චාරිකාවේදී සුවහසක් ශ්‍රාවක ජනතාව මධුර මනෝහර හඩ පෞරුෂයෙන් අමන්දානන්දයට පත් කල අපේ කාලයේ හෘදයාංගම ගායකයාණන් වූ විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ අමිශ්‍ර ස්වභාවික හඩ මාධුර්යය පිළිබඳ නොමැකෙන මතක සටහනක් සනිටුහන් කරමින් කුරුවිට ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය සාර්ථකව නිමාවිය.




























































