පරිපාලන අංශය
| ප්‍රධාන අරමුණු | 1. පදිංචි සහතික/ ග්‍රාම නිලධාරි වාර්තා අනු අත්සන් කිරීම. 2. විදුලි විරෝධතා සම්බන්ධ කටයුතු 3. එක් දින සේවා/ සාමාන්‍ය සේවා ජාතික හැඳුනුම්පත්අයදුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම. 4. ආදායම් සහතික/ වටිනාකම් සහතික නිකුත් කිරීම 5. ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම. 6. ගිනි අවි බලපත්‍ර සඳහා නිර්දේශ කිරීම. 7. නීත්‍යානුකූල සතුන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම. 8. උකස් බලපත්‍ර ලබා දීම/ අලුත් කිරීම. |
සමාජ සංවර්ධන අංශය
| ප්‍රධාන අරමුණු | 01. වැඩිහිටි දීමනා / ආබාධිත දීමනා සහ මහජනාධාර ලබා දීම. 02. ජනාධිපති අරමුදලින් ආධාර ලබා දීම නිර්දේශ කිරිම, 03. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම. 04. ආපදා හානිපූර්ණ වන්දි ලබා දීම / ආපදා සහනාධාර ලබා දීම 05. පෝෂණ දීමනාව ලබා දීම. 06. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම. 07. ග්‍රාම සංවර්ධන සමිති / ස්වෙච්ඡා සමිති ලියාපදිංචි කිරීම. 08. විහාරස්ථාන / විහාරස්ථාන දායක සභා / දහම් පාසැල් ලියාපදිංචි කිරිම. 09. කලා මණ්ඩල / සාහිත්‍ය මණ්ඩල පිහිටුවීම සහ කලාකරුවන්ට සහන සැලසීම. 10. කාන්තා සමිති පිහිටුවීම / පුහුණු වැඩසටහන් පැවැත්වීම / ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 11. ළමා ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි විමර්ශනය. 12. පුද්ගල උපදේශන කටයුතු / ප්‍රජාව දැනුවත් කිරීම. 13. වෘත්තීය මාර්ග උපදේශනය / වෘත්තීය පුහුණුව හා නිපුණතා සංවර්ධනයට අදාළ කටයුතු. 14. රැකියා/ ව්‍යවසායකත්ව හා මානව සම්පත් සංවර්ධන කටයුතු. |
සැලසුම් අංශය
| ප්‍රධාන අරමුණු | 01. සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ වූ යෝජනා ලබා ගැනීම /සාධ්‍යතා සකස් කිරීම / ඇස්තමේන්තු සකස් කිරීම / ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම / වැඩ අවසන් ව්‍යාපෘතිවලට අදාළ ගෙවීම් කිරීම. 02. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව / කාෂි කමිටුව / පරිසර කමිටුව / පෝෂණ කමිටුව පැවැත්වීම, 03. කිතුල් කාර්මිකයන් ලියාපදිංචි කිරීම සහ හැඳුනුම්පත් ලබා දීම. |
මූල්‍ය අංශය
| ප්‍රධාන අරමුණු | 01. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් / විශ්‍රාම වැටුප් සංශෝධනය. 02. වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සැකසීම. 03. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. 04. මුදල් භාර ගැනීම හා කුවිතාන්සි නිකුත් කිරීම. |
රෙජිස්ට්‍රාර් අංශය
| ප්‍රධාන අරමුණු | 9. උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම. 10. කල්ගත වූ උපත්/ මරණ ලියාපදිංචි කිරීම සහ උප්පැන්න සහතික සංශෝධනය. |















