අපගේ දැක්ම

සේවාලාභී තෘප්තිය තුළින් විශිෂ්ඨත්වයට.


අපගේ මෙහෙවර

 

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,
සම්පත් සම්බන්ධීකරණය හා ජනතා
සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම, තිරසාර හා
සැලසුම් සහගත සංවර්ධන ක්රිමයාවලියක් තුළින්
ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.


අපගේ අගයයන්

ප්‍රතිඵල
ගෞරවය
අපක්ෂපාතීත්වය
අවංකභාවය
සහයෝගීතාවය
විශිෂ්ඨත්වය

ඉතිහාසය

කුරුවිට මානව ඉතිහාසය වසර 30,000කට පැරණි බව, මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උතුරු  එක්නැළිගොඩ වසමේ පිහිටි බටදොඹ ලෙන තුලින්  බලංගොඩ මානවයාගේ පොසිල කොටස් සොයා ගැනීමත් සමඟ සනිටුහන් කළේ කුරුවිටට අභිමානයක් එක්කරමිනි. ශ්‍රී  ලංකාවේ ආර්ය සංක්‍රමණයෙන් පසුව වු රාජාවලිය සමඟ විවිධාකාරයෙන් කුරුවිට ජන සමාජය බැඳී සිටි අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි දෙල්ගමුව විහාරස්ථානය තුළ ශ්‍රී  දළදා වහන්සේ ආරක්ෂා කිරිම ඉතා වැදගත් ඓතිහාසික  අවස්ථාවකි. කුරුවිට නගරයේ සිට එරත්න හරහා ශ්‍රීද පාද මාර්ගයක් වැටී තිබීමද ඓතිහාසික වැදගත්කම තීව්රි කරන්නකි.
භූ විද්‍යාත්මක හා පාරිසරික වශයෙන්ද පර්යේෂණවලටද ඉඩ සලසා ඇති කුරුවිට ප්‍රදේශයේ වර්තමාන ඉතිහාසය මහනුවර රාජධානි සමයේ සිට මෙසේ ලියවෙයි. මහනුවර රාජ සමයේ ත්‍රී සිංහලය රුහුණු පිහිටි මායා වශයෙන් බෙදා තිබු අතර, එයින් සබරගමුව අයත් වනුයේ මායා රටටය. මේ දිශාවට කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙක අයත් වේ.  රත්නපුර දිස්ත්‍රියක්කයට කෝරළ හතක් අයත්වේ. ඒවානම්,  කුරුවිට, නවදුන්, අටකලන්, කඩවත, මැද , කොළොන්න හා කුකුළු යන කෝරළයෝය. එයින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානම කෝරළය වන්නේ කුරුවිට කෝරළයයි.

පුරාතන බෙදීම් අනුව මෙම කෝරළයට සිංහරාජ අඩවියෙන් කොටසක් සහිත මහ හිමය  මැද පිහිටි ශ්‍රී පාද පද්මයත් අයත්වන සේ සීමාකර තිබු අතර, රනබට , බට ඇල්ල ආදියෙන් යුත් ඕවිටිවල කුරුන් (අලින් ) සමුහ වශයෙන් සිටි නිසා (කුරු + ඕවිට) කුරුවිට යන නම ලැබි ඇත. මෙහි අගනුවර කුරුවිටයි.විශේෂයෙන් මේ කුරුන් සිටි ඕවිට ලෙස , අද කුරුවිට නගරය නමින් හදුන්වන  නගරයට    කි.මි.3 - 4, ක් පමණ කුරු ගඟ පහල ප්‍රදේශයේ මෙම සුවිසාල වෙල හෙවත් ඕවිට පිහිටා තිබුණි .

අද වනවිට මෙම සුවිශාල කුරුවිට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට කඩා වෙන්කොට පරිපාලනය කරනු ලබයි. ඒවා අතර කුරුවිට ,ඇහැළියගොඩ, කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුන අයත් වෙයි. දැනට කුරුවිට ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාසයේ විශාලත්වය වර්ග කි.මී.172.82 ක් වන අතර,  ග්‍රාම නිලධාරි වසම් 39 කින් සමන්විතය.

map 123.kuru

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භයේ සිට සේවය කල ප්‍රාදේශීය ලේකම් වරුන්

ලේකම්තුමාගේ නම  සිට  දක්වා 

 කේ.පී.ජයසේන මයා 

 1992.08.29  1994.11.29

 ගාමිණී ධර්මසේන මයා 

 1995.11.20  2001.06.21

 කේ.කේ.ගුණපාල මයා    

 2001.06.21  2001.11.15

 කේ.ටී.අමරදාස මයා                         

 2001.11.15  2002.04.19

 කේ.ඩී.දයාරත්න මයා                       

 2002.04.24  2002.05.14

 බැසිල් පෙරේරා මයා                        

 2002.05.15  2003.01.22

වැ.ප.විජේරත්න මයා                         

2003.08.04   2007.07.01

ඩබ්.ඩි.කරුණාරත්න මයා                    

2007.07.01 2012.02.20

එම්.ඩබ්.කුලතිලක මයා                      

2012.05.09 2015.02.28

ඒ.එස්.ජේ.ගොඩැල්ලවත්ත මයා            

2015.05.03 2017.02.14

දිලිනි ධර්මදාස මිය                           

2017.02.15

 2021.05.05

බී.එම්.බී.එම්.ඒ.බටුගෙදර මයා

2021.07.15 Up to date

 

 

 

News & Events

Scroll To Top