ලබා දෙන සේවාවන්
පරිපාලන අංශය
1. පදිංචි සහතික/ ග්‍රාම නිලධාරි වාර්තා අනු අත්සන් කිරීම.
2. විදුලි විරෝධතා සම්බන්ධ කටයුතු
3. එක් දින සේවා/ සාමාන්‍ය සේවා ජාතික හැඳුනුම්පත් අයදුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම.
4. ආදායම් සහතික/ වටිනාකම් සහතික නිකුත් කිරීම
5. ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම.
6. ගිනි අවි බලපත්‍ර සඳහා නිර්දේශ කිරීම.
7. නීත්‍යානුකූල සතුන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම.
8. උකස් බලපත්‍ර ලබා දීම/ අලුත් කිරීම.
රෙජිස්ට්‍රාර් අංශය
9. උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම.
10. කල්ගත වූ උපත්/ මරණ ලියාපදිංචි කිරීම සහ උප්පැන්න සහතික සංශෝධනය.
සමාජ සංවර්ධන අංශය
11. වැඩිහිටි දීමනා / ආබාධිත දීමනා සහ මහජනාධාර ලබා දීම.
12. ජනාධිපති අරමුදලින් ආධාර ලබා දීම නිර්දේශ කිරිම,
13. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම.
14. ආපදා හානිපූර්ණ වන්දි ලබා දීම / ආපදා සහනාධාර ලබා දීම
15. පෝෂණ දීමනාව ලබා දීම.
16. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම.
17. ග්‍රාම සංවර්ධන සමිති / ස්වෙච්ඡා සමිති ලියාපදිංචි කිරීම.
18. විහාරස්ථාන / විහාරස්ථාන දායක සභා / දහම් පාසැල් ලියාපදිංචි කිරිම.
19. කලා මණ්ඩල / සාහිත්‍ය මණ්ඩල පිහිටුවීම සහ කලාකරුවන්ට සහන සැලසීම.
20. කාන්තා සමිති පිහිටුවීම / පුහුණු වැඩසටහන් පැවැත්වීම / ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
21. ළමා ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි විමර්ශනය.
22. පුද්ගල උපදේශන කටයුතු / ප්‍රජාව දැනුවත් කිරීම.
23. වෘත්තීය මාර්ග උපදේශනය / වෘත්තීය පුහුණුව හා නිපුණතා සංවර්ධනයට අදාළ කටයුතු.
24. රැකියා / ව්‍යවසායකත්ව හා මානව සම්පත් සංවර්ධන කටයුතු.
ඉඩම් අංශය
25. ඉඩම් අත්පත් කරගැනීමට අදාළ රාජකාරි.
26. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර හා දීමනා පත්‍ර ලබා දීමට අදාළ රාජකාරි සහ එහි පසු කටයුතු.
27. වාර්ෂික අවසර පත්‍ර සහ දීර්ඝ කාලීන බදු බලපත්‍ර ලබා දීම.
28. රජයේ ඉඩම් බදු ආදායම් එකතු කිරීම හා ගිණුම්ගත කිරීම.
29. රජයේ ආයතන වෙත ඉඩම් නිදහන් කිරීම හා පූජා ඔප්පු සැකසීම.
30. දැව හෙලීම් හා දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.
31. මැණික් බලපත්‍ර පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර / වාණිජ ඛනිජ කැනීම් හා ප්‍රවාහන බලපත්‍ර නිර්දේශ කිරීම.
32. දැව ව්‍යාපාර ලියාපදිංචිය සඳහා නිර්දේශ ලබා දීම.
මූල්‍ය අංශය
33. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් / විශ්‍රාම වැටුප් සංශෝධනය.
34. වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සැකසීම.
35. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.
36. මුදල් භාර ගැනීම හා කුවිතාන්සි නිකුත් කිරීම.
සැලසුම් අංශය
37. සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ වූ යෝජනා ලබා ගැනීම /සාධ්‍යතා සකස් කිරීම / ඇස්තමේන්තු සකස් කිරීම / ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම / වැඩ අවසන් ව්‍යාපෘතිවලට අදාළ ගෙවීම් කිරීම.
38. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව / කාෂි කමිටුව / පරිසර කමිටුව / පෝෂණ කමිටුව පැවැත්වීම,
39. කිතුල් කාර්මිකයන් ලියාපදිංචි කිරීම සහ හැඳුනුම්පත් ලබා දීම.
සමෘද්ධි අංශය
40. මාසික සමෘද්ධි සහනාධාර ලබා දීම හා අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරීම
41. සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම් සහ සිප් දොර ශිෂ්‍යත්ව වැඩසටහන.
42. දිරිය පියස නිවාස වැඩසටහන.
43. ජීවනෝපාය සංවර්ධනව වැඩසටහන.















