බෝධිමළුවේ ඓතිහාසික නා ගස
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කි.මී.11 ක් දුරින් පිහිටා ඇත. මෙය අවුරුදු 800 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. බෝධිමළුව ග්‍රාම නිලධාරී වසමට අයත්ය.
දෙල්ගමුව රජමහා විහාරය
බුදුරජානන් වහන්සේගේ දන්ත ධාතූන් කුරහන් ගලක් තුල සඟවා ආරක්ෂාව ලබා දුන්නේ දෙල්ගමුව රජ මහා විහාරයයි. කුරුවිට නගරයේ සිට කි.මී.1 ක් පමණ දුරින් පිහිටා ඇත.
බටතොට ලෙන (දිවාගුහාව)
පූජනීය ස්ථාන 16ක් අතුරින් 5 වන ස්ථානයේ පිහිටා ඇත්තේ බටතොට ලෙන හෙවත් දිවාගුහාවයි. බුදුරජානන් වහන්සේට සහ අර්හත් භික්ෂූන් වහන්සේ පන්සිය නමකට ආදම් කඳු මුදුනින් යන ගමනේ දී රැකවරණය ලබා දී ඇත. ඇඳිරියන්වල ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙය, කුරුවිට නගරයේ සිට කි.මී.9 ක දුරක් ගිය පසු හමු වේ.
බටදොඹ ලෙන
එය මධ්‍ය ගල් යුගයේ ජීවත් වූ බලංගොඩ මානවයා ජීවත් වූ ලෙනක් ලෙස සැලකේ.ක්‍රි.ව.2000-9000 ක් වූ දක්වා දිවෙන අපගේ සාඩම්බර ඉතිහාසය පිළිබඳ කියවෙන ඓතිහාසික මූලාශ්‍රයකි. කුරුවිට නගරයේ සිට කි.මී.4.5 ක් පමණ දුරින් විතානකන්ද ගම්මානයේ පිහිටා ඇත.
{sliderබෝපත් ඇල්ල|closed}
කළු ඟඟේ අතු ගංගාවක් වන කුරු ඟඟ අඩි 98ක් උසැති මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය කරයි. "බෝ් " කොළයක හැඩය ගන්නා නිසා බෝපත් ඇල්ල යන නාමය ලැබී ඇති බව විශ්වාසයයි. කුරුවිට නගරයේ සිට කි.මී.2.6 ක් පමණ දුරින් මෙය පිහිටා ඇත.
එක්නැලිගොඩ වලව්ව
පුරාණ ගෘහ නිර්මාණවලින් සැදුම්ලත් එක්නැලිගොඩ වලව්ව පෞරාණික වටිනාකමින් යුතු ගොඩනැඟිල්ලකි.















