දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය විසින් සපයනු ලබන සේවාවන්
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය විසින් සපයනු ලබන සේවාවන්
- උප්පැන්න/ විවාහ/ මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් ලබා දීම.
- කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීම.
- උප්පැන්න/ විවාහ/ මරණ සහතික සංශෝධනය කිරීම.
- කල්ගතවූ මරණ ලියාපදිංචි කිරීම.
- විවාහ ලියාපදිංචි කිරීම.
- අයදුම්පත් මත පදනම්ව උඩරට විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් කටයුතු කිරීම.
උප්පැන්න/ විවාහ/ මරණ සහතික ලබා ගැනීම සඳහා අයකරන ගාස්තු
උප්පැන්න/ විවාහ/ මරණ සහතික ලබා ගැනීම සඳහා අයකරන ගාස්තු
- අදාල සහතිකයේ අංකය හා ලියාපදිංචි කරන ලද දිනය දන්නේ නම්, එක් පිටපතක් සඳහා රු: 100/- යි.
- අදාල සහතිකයේ අංකය හා ලියාපදිංචි කරන ලද දිනය නොදන්නේ නම්, පළමු පිටපත සඳහා රු: 200/- ක් ද වැඩිවන සෑම පිටපතකටම රු: 100/- යි.
24 වන වගන්තිය යටතේ කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම
24 වන වගන්තිය යටතේ කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම
වර්තමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උපත ලබා මාස 03 ක් ගත වී ඇතත්, එය ලියාපදිංචි කර නොමැති නම් පහත සඳහන් ලියකියවිලි සම්පූර්ණ කර උපත් ලියාපදිංචි කරීම සඳහා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයට ඉදිරිපත් කල හැකිය.
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- උපත ලියාපදිංචි කර නොමැති බවට සඳහන් හිස් ප්‍රතිඵල සහතිකය
- දරුවාගේ දෙමාපියන්ගේ විවාහ සහතිකය
- වැඩිහිටි හා කුඩා දරුවන්ගේ උප්පැන්න සහතික
- උපන් ස්ථානය පිළිබඳ ලිඛිත තොරතුරු (රෝහල් උපත් වාර්තාව/ ග්‍රාම නිලධාරී උපත් වාර්තාව/ වතු උපත් වාර්තාව)
- සෞඛ්‍යය වර්ධන සටහන
- පාසලට ඇතුළත් කිරීමේ සහතිකය/ ශිෂ්‍ය කාර්ය දර්ශකය
- උපන් දිනය සනාථ කල හැකි වෙනත් ලියකියවිලි
- ග්‍රාම නිලධාරී වාර්තාව
- දෙමාපියන්ගේ උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත්
- උපන් දිනය දන්නා බවට වගකිවයුතු දිවුරුම් ප්‍රකාශයක්
(ඉහත සියලු ලියකියවිලිවල මුල් පිටපත් සහ සහතික කල පිටපත්)
(ප්‍රකාශන ගාස්තුව රු: 50/-)
නිවසේදී සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
නිවසේදී සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
1. උපත සිදුවී දින 07ක් ඇතුළත වසමෙහි ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුය.
2. ග්‍රාම නිලධාරී විසින් එය ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත වාර්තා කල යුතුය
3. උපත ලියාපදිංචි විය යුත්තේ ප්‍රදේශයේ උපත් හා විවාහ රොජිස්ට්රාර්ගේ ලේඛනයෙහිය.
4. නිසි පරිදි පුරවන ලද උප්පැන්න ප්‍රකාශය ප්‍රදේශයේ උපත් හා මරණ රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
5. උප්පැන්න ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැකිය.
6. පහත තොරතුරු රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
- පියා
- මව
- සෑම පුද්ගලයෙකුගේම උපත සනාථ කල යුතුය.
- දරුවාගේ භාරකාරීත්වය සනාථ කිරීම
7. උපත සිදුවී මාස 03 ක කාලයක් තුල ලියාපදිංචි කිරීම සිදු කල හැකිය.
8. මුල් පිටපත නොමිලයේ නිකුත් කරනු ලබයි.
9. ගාස්තු















