ගස් කැපීම සඳහා බලපත්‍ර
ගස් කැපීම සඳහා බලපත්‍ර
ගසක් කැපීමට අවසර ඉල්ලීම.
කොස්, බෙඩ්පෘට්, පල්මාරියා වැනි වැටී ඇති ගස් සඳහා .
සුදුසුකම්
පහත සඳහන් අවස්ථාවලදී බලපත්‍ර නිකුත් කල හැකිය.
- අධිකරණය විසින් තීන්දුව ලබා දීමෙන් පසුව.
- සංවර්ධන කටයුතු සඳහා ( කෘෂිකාර්මික, මාර්ග සංවර්ධනය, මාර්ග පුළුල් කිරීම, විදුලිබල සැපයුම ආදී....)
- නිවසක් තැනීමේදී
- ස්වභාවික කෘෂිකාර්මික කටයුත්තකදී.
- ජීවිත හා දේපළවලට අනතුරුදායක ලෙස ගසක් පිහිටා ඇති අවස්ථාවකදී
- පිටත පිහිටි ගස්.
අයදුම් කිරීම
1. අයදුම්පත ලබා ගැනීම - අයදුම්පත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් ලබාගත යුතුය.
2. අවශ්‍ය ලිපි ලේඛන
- ග්‍රාම නිලධාරීගේ නිර්දේශය
- ගස පිහිටි ඉඩමේ ඔප්පුව
- ඉඩමේ සැලැස්ම
- නිවස හෝ ගොඩනැඟිල්ලක සැලැස්ම
- ඉඩමේ හවුල්කාරිත්වයක් තිබේනම් ග්‍රාම නිලධාරී විසින් අනුමත කරන ලද ලිපිය
- අධිකරණය විසින් ලෙද ලද තීන්දුවක ලේඛනය
- ප්‍රාදේශීය සභාව විසින් දෙන ලද තීරණයක ලේඛන
- සම්පූර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතුය. නැතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් භාරදිය යුතුය.















